(ජේ.කේ.එල් චාමින්ද සහ රවී ලියනගේ)
කොරෝනා වසංගතයත් සමඟ ආදායම් මාර්ග අහිමි වී ඇති කන්නෙලිය වන සංරක්ෂණ මධ්‍යස්ථානය ට අනුක්තව සේවය කරන සංචාරක මාර්ගෝපදේශකයන්ටද සහනයක් ලබාදෙන ලෙස රජයට බල කරමින්ඔවුහු අද (27) නන්නිකිත දොළ මාර්ගය තුළදී විරෝධතාවයක නිරත වූහ.
විරෝධතාකරුවන් සටන් පාඨ සහිත වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් රක්ෂිතයට පිවිසෙන ස්ථානයේ ඇති දොල මාර්ගයට බැස නිහඩ විරෝධතාවයක නිරතවුහ.
දැනට වසර එකහමාරක පමණ සිට කන්නෙලිය වන රක්ෂිතය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අඩුවීම නිසා තම ආදායම් මාර්ග අහිමි වී ඇති බවද විරෝධතාකරුවෝ පවසති.
ආදායම් මාර්ග අහිමි වීම නිසා තමන්ගේ දරු පවුල් පවා නඩත්තු කර ගැනීමට කරගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව ද සංචාරක මාර්ගෝපදේශකයො පවසති .මේ නිසා තමන්ටද යම්කිසි සහනයක් ලබාදෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.