කන්දකැටිය රෝහල් භූමියට අලි ඇවිත් කලබලයක්


(නිශාන්ත කුමාර)

කන්දකැටිය දිසා රෝහලේ ගෙවත්තට අද (03) අලුයම කඩාවැදුණු වන අලි දෙදෙනෙකු   පැයකට ආසන්න කාලයක්   රෝහල් භූමිය වටා සැරි සැරිසරමින් නිල නිවාස අවට වගා කර තිබූ මඤ්ඤොක්කා වගාවක්ද කා දමා විනාශ කර ඇතැයි රෝහල් සේවකයෝ පවසති.

රන්දෙණිගල රක්ෂිතයේ සිට මෙම  දෙදෙනා පැමිණෙන්නට ඇතැයි ඔවුහු පවසති.

මීට පෙර   අවස්ථා  කීහිපයකදී ද වන අලි රංචු කන්දකැටිය රෝහල් භූමිය වෙත කඩා වැදී  ඇති අතර මෙම තත්වත්වය මත රාත්‍රී සේවා මුර රාජකාරි කිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද රෝහල් සේවකයෝ පවසති.

රාත්‍රී කාලයේ දී පැමිණෙන රෝගීන්ට මෙන්ම විවිධ රෝගී අවශ්‍යතා සඳහා එහා මෙහා යන රෝහල් සේවකයින්ටද රෝහල් භූමියට මෙලෙස කඩාවදින වන අලි විශාල ගැටළුවක් බව ඔවුහු පෙන්වා දෙති.