(රංජිත් රාජපක්ෂ)
නායයාමේ අවදානම නිසා දින කිහිපයක සිට වසා දමා ඇති ගම්පොළ නාවලපිටිය කදිරේෂන් විදුහලේ පංති කිහිපයක් එම පාසලේම වෙනත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යැමට පියවර ගෙන ඇති බව එම විදුහලේ විදුහල්පති එන්. නාගරාජ් මහතා පවසයි.
පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමගම එම විදුහලේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටිම නිසා පාසල දින කිහිපයක් වසා දැමිමට විදුහල්පතිවරයා පියවර ගත්තේය.
එම පාසලේ 6 වසරේ සිට 8 වසර දක්වා පංති පවත්වාගෙන යන ගොඩනැගිලි නායයෑමේ දැඩි අවදානමකින් පවතින නිසා මෙම තීරණය ගෙන තිබේ.