කතුන් රටවා මුදල් හා රන්බඩු කොල්ල කෑ රියදුරා රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

පුවත්පත්වල මංගල යෝජනා පළකර කාන්තාවන් රවටා හෝටල්වලට ගෙන ගොස් ලිංගිකව හැසිරි එම කාන්තාවන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ විත්තිකරුවකුට  ආධාර අනුබල දුන් ත්‍රී රෝද රථ රියදුරෙකු 9 වැනිදා දක්වා රික්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (2) නියෝග කළේය.

මෙසේ රික්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල නගරයේ ත්‍රි රෝද රථ රියදුරෙකි.

විවාහ  කර ගන්නා බවට රවටා කාන්තාවන් හෝටල්වලට ගෙන ගොස් ඔවුන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරිම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් සැකකරවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් කරන ලද පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු කාන්තාවන් සමඟ පැමිණි විට ආරක්ෂිත කැමරා නොමැති හෝටලයකට  ඔවුන් කැඳවාගෙන ගොස් විත්තිකරුගේ හැඳුනුම්පතේ අංක වෙනස් කර කාමර ලබාදිමට ආධාර අනුබල දී ඇත්තේ මෙම ත්‍රි රෝද රථ රියදුරා බවය.