(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය ශෝත්තුවාඩිය කළපුවේ අක්කර දෙක හමාරක භූමි භාගයක කඩොලාන කැපීමේ නිරත වූ බැකෝ යන්ත්‍ර රියදුරෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බැකෝ යන්ත්‍රයත් සමඟ අද (6) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මණ්ඩා , තෙල සහ ඉතා දුර්ලභ මහකඩොල් ප්‍රභේද සහ වේවැල් කපා දමන ලද ශාඛ අතර තිබෙන බව එම ස්ථානයට පැමිණි ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විද්‍යාඥ සරත් ජයනාත් මහතා පැවසුවේය.
මෙම ඉඩම තුළ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මායිම්ගල්ද යොදා තිබිනි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමරත්න මහතා පැවසුවේ පසු ගිය 4 වැනිදා මෙම ඉඩමේ කඩොලාන කපන බවට පැමිණිල්ලක් ලැබුණු බවත් ඒ අනුව තමා එම කඩොලාන ගස් කපා දැමීම නතර කරන ලෙසට නියෝගයක් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් දැනුම් දුන් බවත්ය.
එම තහනම් නියෝගය නොතකා කඩොලාන කපාදමා තිබූ බවත් ඒ බව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම කර්‍යාලයට දැනුම්දුන් බවත් ඒ මහතා කීවේය . වන සත්ත්ව හා රුක්ෂ ලතා ආඥා පනත අනුව පෞද්ගලික ඉඩමක හෝ කඩොලාන හා වේවැල් ශාඛ කැපීම සපුරා තහනම්ය.