(ප්‍රසාද් මුතුකුඩ)
රථ ගාලක නවතා තිබු රුපියල් ලක්ෂ 12 පමණ වටිනා ත්‍රීරෝද රථයක් සොරකම් කළ සැකකරුවෙක් ලබන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් සුනන්ද හේරත් මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කැරුණේ දිමුතු චතුරංග ශ්‍රීනාත් ප්‍රනාන්දු (33) පුද්ගලයෙකි.
විවිධ අවශ්‍යතා සඳහා කඩවත නගරයට සහ නඩු කටයුතු සඳහා මහර අධිකරණයට පැමිණෙන පුද්ගලයින් නවතා යන ත්‍රීරෝද රථ දෙස සැඟව සිට බලා අයිතිකරු ලෙස හඟවමින් එම රථවලට ගොඩ වි ඇංජිමට විදුලිය සැපයෙන වයර් පද්ධතිය ඉතා සූක්ෂම අයුරින් කපා පනගන්වා සොරාගෙන ගොස් ඇත.