කටාර්හිදී අනතුරටපත් ශ්‍රමිකයකුට නිවසක්


විනීතා එම් ගමගේ
 
කටාර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටියදී අනතුරට ලක් වූ ශ්‍රමිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකර භාර දීම අද සිදු විය.
 
වේයන්ගොඩ, රුක්මලේ ප්‍රදේශයේ  පුද්ගලයකු වෙනුවෙන්  මෙම නව නිවස ඉදිකර දෙනු ලැබුවේ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් අනුවය.
 
ඔහු කටාර් රාජ්‍යයේ මෝටර් කාර්මික රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෝටර් රථයක අළුත්වැඩියා කටයුතු සිදුකරන අතරතුරදී එම රථයේ තිරිංග බුරුල්වීම නිසා ඇතිවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ වම් පාදය අහිමි විය. ඔහුට මීට පෙර කාර්යාංශයේ රක්ෂණාවරණය යටතේ රු. 125000ක වන්දි මුදලක්ද ලබාදෙන ලදී.