(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය මෙගොඩ කළුගමුව දොළුව පැරණි මාර්ගයේ දීර්ග කාලයක් සිට කරගෙන ගිය කංසා අලවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා කංසා මිලිග්‍රෑම් 58800 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
නිවස පිටුපස කුකුළු කොටුවේ බෝතලයක අසුරා වළ දමා තිබියදී මෙම කංසා සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. ප්‍රදේශයේ මයියොක්කා වගාව සරුවට කරගෙන යන අතර අල රැගෙන යාමට විශාල වශයෙන් ව්‍යාපාරිකයින් පැමිණෙන බවත් එලෙස පැමිණෙන වෙළද ව්‍යාපාරිකයකු ලොරි රථයකින් කංසා රැගෙන එන බව අනාවරණය වී ඇත.