(ඩී.කේ.රත්න )
කෙසෙල් වගා කරන මුවාවෙන් බලහරුව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පර්චස් විස්සක භූමි ප්‍රදේශයක කංසා වගා කළ පුද්ගලයෙකු ඉතා සරවට වගා කර තිබූ කංසා පැළ 2625ක් සමග අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පැවසීය.
බලහරැව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු මෙම කංසා පැළ තොගයත් සමග අත්අඩංගුවට ගෙන ඇත.
උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් මෙම කංසා හේන වටලා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.