ඖෂධ වගී, ලේබල් සහ එම ඖෂධ භාවිතා කරන පිළිවෙළ ඉංග‍්‍රීසියෙන් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් රෝගීන් සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් එම ලේබල් සහ ඊට අදාළ ලියකියවිලි සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පර්යේෂකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (21) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පෙත්සම ගොනු කරනු ලැබුවේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂකයකු වන ලයනල් ගුරුගේ නැමැත්තතෙකි. ජාතික ඖෂධ අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.
සියළුම ඖෂධ සහ ඊට අදාළ උපකරණ වල ලේබල් සහ වෙනත් ලියකියවිලි සිංහල සහ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කිරීමට නියෝග කිරිමත්, වන්දි ලබාදෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටියි.

