එළ හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට


ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
 
බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධීව එළහරක් 5 ක් ප‍්‍රවාහනය කරමින් තිබූ කුඩා ට‍්‍රක් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කතළුවේදී අද (5) උදෑසන  අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය කියයි.


මෙම ට‍්‍රක් රථයේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පමණ පැමිණ ඇතැයිද සැකකරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබේ.


ගාල්ල මාතර ප‍්‍රධාන මාර්ගයේ මාතර සිට ගාල්ල දෙසට ගමන් ගත් සැකකටයුතු මෙම රථය අද උදැසන මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් නිරික්ෂණය කර ඇත. 


පසුව එය  නැවත්වීමට  අණ කිරීමේදී නොනවත්වා ධාවනය කර කතළුව තිත්තගල්ල අතුරු මාර්ගයට හරවා ධාවනය කර පෞද්ගලික ඉඩමකට දමා නතර කර ඇති බව පොලිසිය කියයි.