එජාප බෝධිරාජ මාවත පක්ෂ කාර්යාලයෙන් පැමිණිල්ලක්


(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)

එක්සත් ජාතික පක්ෂට   සහය දක්වමින්  මාලිගාවත්ත  බෝධිරාජ මාවතේ   පවත්වාගෙන ගොස් තිබු පක්ෂ  කාර්යාලයක  සනීපාරක්ෂක   තුවායක් එල්ලා   තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු   පැමිණිල්ලක් අනුව මාලිගාවත්ත පොලිසිය  පරීක්ෂණ ආරම්භ කර ඇත.
  
පැමිණිලිකාර කාන්තාවගේ නිවසේ  පහත මාලයේ ඉකුත් (31) දින සිට මෙම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති  බව පැමිණිල්ලේ සඳහන් වේ.
 
ඉකුත් (3)  දින රාති‍්‍රයේ කිසිවකු විසින්  එහි සැරසිලි අතර මෙම සනීපාරක්ෂක තුවාය එල්ලා ඇති බවට    නිවෙස්  හිමිකාරිය පොලිසියට පැමිණිලි කර ඇත.
 
සිද්ධිය වන අවස්ථාවේ  මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු එම ස්ථානයේ ගැවසෙන අයුරු  සී සී ටී වි කැමරාවල  සටහන් වී  ඇති අතර ඔවුන් දෙදෙනා මෙම  කි‍්‍රයාව සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා එම පුද්ගලයන් දෙදෙනා පොලිසිය කැදවා ඇත.
 
මාලිගාවත්ත පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතන ඇත.