නිශාන්ත කුමාර සහ ප්‍රින්ස් රත්නායක
මහියංගනය, හසලක, කන්දකැටිය, මීගහකිවුල, පිටමාරුව හා ඒ අවට ප්‍රදේශ රැසකට මෙන්ම බෙලිහුල්ඔය ප්‍රදේශයටද දින තුනක කාලයක් තිස්සේ වැසි ඇද වැටීමට පටන් ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ දිනවල එම ප්‍රදේශයන්හි දැඩි මීදුම් තත්වයක්ද පවතී.
දින දෙකක් තිස්සේ ප්‍රදේශයට හිරු එළිය නොවැටුණු බව ද ප්‍රදේශවාසීහු කියති.