(ප්‍රසාද් රුක්මල්)
නාය යාමේ අවදානමක් හේතුවෙන් ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ කොටවර ප්‍රදේශයේ පවුල් 8 ක පුද්ගලයන් 41දෙනෙකු අද (29) මීට සුළු මොහොතකට පෙර නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමූ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
එම ඉවත් කළ පවුල් ඌවපරණගම මුස්ලිම් විදුහලේ තාවකාලිකව නතර කර සිටින බවත් ඉන් පවුල් 4 ක් සිය නෑදෑයින්ගේ නිවෙස්වලට ගොස් ඇති බවත් එම කාර්යාලයේ ප්‍රකාශයෙක් කීය.
බදුල්ල දිස්ත්‍රික්කයට පතිත අධික වර්ෂාවත් සමඟ මෙසේ ඌවපරණගම පහළ කොටවර ප්‍රදේශයේ නාය යාමේ අවදානම් තත්ත්වයක් උදා වී ඇති හෙයින් එහි පදිංචි පවුල් 8 ක් මෙසේ ඉවත් කර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වී මෙම අවතැන්වී සිටින පවුල් සඳහා පිසූ ආහාර ඇතුළු පහසුකම් ලබා දෙන බවද එහි ප්‍රකාශයෙක් පැවසීයෙ