(සමන් පාලිත නානායක්කාර)
ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය යන සියලු වෘත්තීයවේදීන් හිඟ අතිකාල දීමනා නොගෙවීම, ගමන් වියදම් නොගෙවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් හයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 04 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මීට අමතරව සැප්තැම්බර් 05 දින ඌව පළාත් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමට තීරණය කර ඇති බව ද එහි සම කැඳවුම්කරු අසංක සම්පත් මහතා පැවසීය.
අවස්ථා කිහිපයකදී ම පළාත් බලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම පියවර ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.