ඌව ගුරු විභාගය සමතුන්ගේ සංගමයෙන් විරෝධතාවයක්



(ප්‍රසන්න පත්මසිරි / ප්‍රසාද් රුක්මල්)

ඌව පළාතේ ගුරුවිභාගය සමතුන්ගේ සංගමය අද(17) පළාත් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමි විරෝධතාවයක නිරත විය.

පසුගියදා පළාත් රජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පළාතේ පාසල් සඳහා ගුරුවරුන් බදවා ගැනීමට ගුරු විභාගයක් පැවැත්වුවත් මෙතෙක් ගුරුවරුන් බඳවා නොගත් බවත් පසුගියදා උපාධිධාරින් 3500ක් ගුරුවිභාගයට පෙනී සිටියත් එයින් සමත් 1500ක් සම්මුඛ පරීක්ෂණයකට යොමුකර එයින් සුදුසුකම්ලත් 502ක් බදවාගැනීමට යාමේදී පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා විභාගය අසමත් සුළු පිරිසක් සමග එක්ව සමත් පිරිසට රැකියා ලබාදෙනවාට විරෝධය පාන බවත් කියමින් මෙම සංගමය චෝදනා කළේය.