පැතුම් දර්ශන
නිවසක බිත්තියකට හේත්තු කර තිබූ උළුවස්සක් ඇඟමතර වැටීමෙන් ගලෙන්බිදුණුවැව යාය පහ ප්‍රදේශයේ වයස අවුරුදු හතරක දැරියක් ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.
මෙලෙස අ මියගොස් ඇත්තේ ගලෙන්බිදුණුවැව යාය පහ ප්‍රදේශයේ පදිංචිව සිටි දුලක්ෂි අරුන්දීකා අමරසූරිය නැමති පෙර පාසල් අධ්‍යපනය ලබමින් සිටි දැරීයකි.
මෙම දැරිය සම වයසේ ඥාති දියනියන් තිදෙනෙකු සමඟ පදිංචිව සිටි නිවසට යාබද නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අළුත් වැඩියා කිරීමෙන් පසු එම නිවෙසේ බිත්තියට හේත්තු කර තිබූ උළුවස්සක් දැරියගේ ඇඟට වැටීමෙන් ඇය බරපතල තුවාල ලබා ගලෙන්බිදුණුවැව ග්‍රාමිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.