(ඞී.කේ.රත්න)
උමාඔය ව්‍යාපෘතියෙන් සිදුවන ආපදා තත්වයන් අවම කර ගැනිම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආයතන පහක එකමුතුවෙන් නව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ඌව ප‍්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයේ දී අද (01) ආරම්භ කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය . ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය . භූ විද්‍යා හා පතල් කැණීම් කර්යංශය .ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශණ කාර්යංශය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශය එක්ව මෙම කටයුත්ත සිදු කරයි.
මේ අවස්ථාව සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ජේ.එල්.එස්. සේනාධීර මහතා, බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතලූ නිළධරීහු රැසක්ද සහභාගී වූහ.