(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ මත් ද්‍රව්‍ය උවදුර මැඩ පැවත්වීමට උතුරේ ජනතාවම පෙළ ගැසිය යුතු බව පවසමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කිලිනොච්චිය නගරයේදී අද (02) පැවැත්විණි.
එම වැඩසටහන කරච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා කිලිනොච්චි සමෘද්ධි සංවර්ධන බැංකුව මගින් සංවිධානය කර තිබිණි.
මෙහිදී ජනතාව දැනුවත් කරමින් සංවිධායකයින් පැවසුවේ යුද්ධයට වඩා අවධානම් තත්ත්වයක් මේ වන විට උතුරේ මත් උවදුර නිසා ඇතිව තිබෙන බවයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වී යන බවත් සමාජ විරෝධී ක්‍රියාවන් වැඩි වී ඇත්තේද මත් උවදුර නිසා බවත් එහිදි කියැවිණි.