උතුරෙන් දකුණට පාගමනක්


ශ්‍රී ලාංකික ජනතාව අතර සංහිඳියාව වර්ධනය කරවීමේ අරමුණින් යාපනයෙන් ආරම්භ වූ පා ගමන තුන්වැනි දිනය වූ 27 සෙනසුරාදා සවස වවුනියාව නගරයට සේන්දු විය.

ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් මේ පා ගමන ආරම්භ කොට තිබුණේ පසුගිය 25 වැනිදා යාපනයේ නාගදීප විහාරස්ථානයෙන් වන අතර වව්නියාව දිස්ත්‍රීක්කයට ළඟා වූ අවස්ථාවේදී වව්නියාව දිසාපතී එම්.බී.පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

පාගමන අනුරාධපුරය, පුත්තලම, මීගමුව, මොරටුව, ගාල්ල හරහා ගොස් හම්බන්තොටින් අවසන් කිරිමට යයි.