(රොමේෂ් මධුෂංඛ)
උතුරු මුහුදු සීමාවට නීතිවිරෝධීව ඇතුළු වී යාපනය කෝවිලම් තුඩුව මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනියුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාව , ධීවර ආම්පන්න හා සන්නිවේදන උපකරණ ද නාවික හමුදා බාරයට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත බාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.