උණ්ඩ 25 ක් සමඟ ටී 56 ගිනි අවියක් මිරිගමින්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම කිතලවලාන ප‍්‍රදේශයේ නිවසක සොල්දරයේ සඟවා තිබු ටී පනස් හය ගිනි අවිය, හා එම උණ්ඩ 25 මීට වසර 12 කට පෙර පැහැර ගැනීමකට ලක්ව මෙතෙක් අතුරුදන්ව සිටින පාතාල නායකයකු විසින් ලබාදුන් එකක් බව මූලික පරීකෂණ වලදී හෙළිවී ඇතැයි මීරිගම පොලිසිය කියයි.

ගම්පහ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයට ලත් තොරතුරක් අනුව මෙම ගිනි අවිය හා උණ්ඩ 25 සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසියට බාර දෙනු ලැබීය. 

මෙම සැකකරුවන් මීරිගම නගරයේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය පාතාල කල්ලි නායකයා සමඟ මෙන්ම පාතාල නායක මොරටු සමන් නැමැත්තා සමඟ ද සමීප සම්බන්ධතා පවත්වා ඇති බවද එම සම්බන්ධකම් මත මෙම ගිනි අවිය මෙම සැකකරුවන්ට බාරදී ඇති බවද හෙළී වී ඇත.

සැකකරුවන් මෙම ගිනි අවි උපයෝගි කරගෙන කිසියම් අපරාධයක් කර ඇද්දැයි මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළීවී නැතැයි පොලිසිය කියයි.