උඩුබද්දාව සමුපෙන් දෙකෝටියක් පිල්ලි?


කුරුණෑගල උඩුබද්දාව විවිධ සේවා  සමුපකාරයේ සිදුවී  යැයි  කියන රුපියල් ලක්ෂ 200 ක මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි  හිටපු  සභාපතිට  එරෙහි  එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රි  නලින් බණ්ඩාර  මහතා අද (24) මුල්‍ය අපරාධ කොට්ඨාසයට  ලිඛිත පැමිණිල්ලක් කළේය.

‘සභාපතිගේ නිල කාලය මෙම මස 17 වැනි දිනෙන්  අවසන්  වෙනවා. ජනවරමට පිටු පා  මෙම සභාපති ආරක්ෂා කර  ඔහු  මෙම තනතුරේ  යළි  පිහිටුවන්න කණ්ඩායමක් උත්සාහ ගන්නවා. කියන්න කනගාටුයි ඒ පිරිස අතර  යහපාලන ආණ්ඩුව යටතේ සිටින කැබිනට් ඇමැතිවරයක් සහ පළාත් සභාවේ ඇමැතිවරයන් සිටිනවා’ යැයි පැමිණිල්ලෙන් පසුව ඔහු පැවසීය. 

nalin_2016324