හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ මප/හඟු/උඩවෙල ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
මන්දාරම්නුවර උඩවෙල රාජගිරි විහාරයේ විහාරාධිකාරී මතුරට රංසිරි හිමියන් ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානයක ,මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්. බී. රත්නායක,උඩවෙල ද්විතීයික පාසලේ විදුහල්පති එම්.ඒ.මුතුබණ්ඩා, පොදුජන පෙරමුණේ ප්‍රදේශීය මන්ත්‍රිනී ඩබ්ලිව්.එම්.පබාවතී ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.