මැදින් පොහොය හා මාර්තු මාසයේ යෙදෙන කැලණිය, ඊරියවැටිය ශ්රී සුමනාරාම පුරාණ විහාරයේ වැඩ විසූ නායක හිමිවරුන්ගේ ගුණ සමරු නිමිත්තෙන් වාර්ෂික පැවැත්වෙන බෞද්ධ මැඳින් මහා පෙරහර මාර්තු 19 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිතය.
සර්වඥ ධාතූන් වහන්සේලා වඩම්මවමින් විෂ්ණු, කතරගම, සමන් හා පත්තින් දේවාල අංගයන්ගෙන් සමන්විතව අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් ද සහභාගිත්වයෙන් පැවැත්වෙන පෙරහර සංවිධානය විහාරාධිපති ගම්පොළ කුරුඳුවත්තේ විමලසීහ හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව විසින් සිදු කරනු ලබයි.