ඉමදූවේ හානිකර ගල්කොරිය නවත්වන්නැයි දැනුම් දෙයි


(නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න)

ඉමදුව ගලදෙනි කන්ද ගම්මානයේ පවත්වාගෙන යන හානිකර ගාල්කොරිය වහාම නතරකර තමාට දන්වන ලෙස  ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් එස්.ටී කොඩිකාර මහතා අද (15) ඉමදුව ප්‍රාදේශිය ලේකම්වරියට දැනුම් දුන්නේය.

ඒ ගලදෙනි කන්ද ගම්මානයේ ප්‍රදේශවාසීන් ගාල්ල දිසාපතිවරයා හමු වීමෙන් පසුවය.ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂමී කාන්ති මහත්මියට දුරකතනයෙන් දිසාපතිවරයා  මේ බව කීය.මේ ගල්කොරිය නිසා මෙම ගම්මානයේ විශාල පිරිසකට බරපතල හානියක් සිදුව ඇත.

නිවාසවල බිත්ති ඉරිතලා ඇති අතර වහලවලට ද හානි ඇතිවී තිබේ.කඳු මුදුනක පිහිටි මෙම ගම්මානයේ ළිංවල ජලය ද සිඳී ඇත.  

ගල්කොරිය නතර කරන ලෙසට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්විමේ දී හා ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ දී නිලධාරින් මෙන්ම නිපුනතා සංවර්ධන වෘත්තිය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩි මහතා ද දැන්වුව ද මේ වන තෙක් එය නවත්වා නැත.