(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව වවුළුගල පිහිටි ගුරුවරියකට අයත් නිවසක නිවැසියන් සිය නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී අදාල නිවසේ පසුපස දොරින් ඇතුළුවී එහි තිබූ ලැප්ටොප් පරිඝනකයක්, මුදලින් රුපියල් 21,000/= ක්, රන් ආලේපිත දම්වැලක් සහ වලල්ලක් සොරකම් කරණ ලද කල්ලියක සාමාජිකයින් තිදෙනෙක් සහ සොරකම් කරන ලද භාණ්ඩද සමගින් අද (07) දින අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ සොරකම් කරණ ලද ලැප්ටොප් පරිගණකය විකිණීම සඳහා එක් සැකකරුවෙක් ගොස් සිටියදී පොලිසිය ලද තොරතුරක් මත අදාල සැකකරු සමග පරිගණකය අත්අඩංගුවට ගත් බවයි. පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත සෙසු සැකකරුවන් දෙදෙනා සහ සොරකම් කරණ ලද සෙසු භාණ්ඩද වවුළුගලදී සහ 10 කනුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 22 – 26 යන වයස් කාන්ඩවල පසුවන සැකකරුවන් සහ පොලීසිය සොයාගත් සොරකම් කරණ ලද භාණ්ඩ හෙට (08) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉමදූව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.