ඉබ්බන් 6 දෙනෙකු රැගෙන යමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට


(එච්. චන්දන )

ඉබ්බන් හය දෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව මැරුන්ගොඩ මහඋස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසය කියයි.

සැකකරුවන් කිරි ඉබ්බන් සිව් දෙනෙකු සහ ගල් ඉබ්බන් දෙදෙනෙකු මස් සඳහා අල්ලාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් මැරීමට තහනම් ආරක්ෂිත සතුන් වන ඉබ්බන් අල්ලා මස් සඳහා රැගෙන යන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය කීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ ඉබ්බන් 6 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අණාවරනය වී ඇත්තේ මස් සඳහා මෙම ඉබ්බන් රැගෙන යන බවයි.
 
ඉබ්බන් වන ජීවි භාරයට යොමු කිරීමට කටයුතු කරන බව ආණමඩුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සැකකරුවන් අද (19) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.