ඉන්දීය ධීවර යාත්‍රාවක් උඩප්පුව වෙරළේ


(ජුඩ් සමන්ත)

ඉන්දීය ධීවරයින් විසින් මසුන් මැරීම සහා යොදා ගන්නා ධීවර යාත්‍රාවක් හලාවත - උඩප්පුව වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි. අඩි 30 ක් පමණ දිග මෙම බෝට්ටුව අඩි 04 ක පමණ පළලකින් යුක්තය. 

දැවයෙන් නිෂ්පාදනය කර ඇති මෙම බෝට්ටුවට ඇන්ජිමක් සවි කිරීමට හැකියාවක් ඇත. මෙම බෝට්ටුවේ ස්ථාන කීපයක් කැඩී බිදී ගොස් ඇති බවක්ද දක්නට ඇත.බෝට්ටුව තුළ ධීවර ආම්පන්න හෝ වෙනත් කිසිවක් තිබී නැත. එහි සිටි ධීවරයින් සම්බන්ධයෙන්ද කිසිදු තොරතුරක් නොමැති බව පොලීසිය කියයි.