ඉන්දියානු ගිරවුන් සොරාගත් තිදෙනෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නුගේගොඩ, උඩහමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුතු ඉන්දියානු ගිරවුන් 19දෙනෙකු සොරාගත් තිදෙනෙකු අද(24) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අය අතර, ව්‍යාපාරිකයකු, ත්‍රිරෝද රථ රියදුරකු සහ සොරකම් ගණනාවකට සම්බන්ධ අයෙකුද වන බව පොලිසිය කියයි.

සොරාගෙන ඇත්තේ රින් නෙක් වර්ගයේ ගිරවුන් 19කි.

ඉකුත් 9 වැනි දින රාත්‍රියේ ගිරවුන් මිලදීගැනීමේ මුවාවෙන් එම නිවසට ඇතුළු වී, ව්‍යාපාරිකයාගේ වියපත් පියාගේ දෑත් බැඳ දමා මොවුන් ගිරවුන් සොරාගෙන ගොස් තිබිණි. ඔවුන් නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ කොටස්ද රැගෙන ගොස් ඇත.

කවුඩාන, අත්තිඩිය සහ අඟුලාන යන ප්‍රදේශවලදී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොල්ලකෑ ගිරවුන්ගෙන් පස්දෙනෙකු ඔවුන් සතුව තිබී සොයාගත් බවද, පොලිසිය කියයි.

මිරිහාන පොලිසිය ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.