ඉන්දියා ධීවරයන් 99ක් ලංකා අත්අඩංගුවේලු


ඉන්දියා ධීවරයින් 99 දෙනෙකු සහ ඔවුන් සතු යාත්‍රා ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටය දී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා ධීවරයින්ට යාත්‍රා සහ ධීවර උපකරණ ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දීය පී එම් කේ පක්ෂය එරට මධ්‍යම රජයට දැඩි විරෝධය පළ කර ඇතැයි ඉන්දියාවේ පළවන ‘‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ‘‘ පුවත්පත වාර්තා කරයි.

ඉන්දීය රුපියල් කෝටි 4 හමාරක වටිනාකමින් යුතු යාත්‍රා 150ක් සහ ආම්පන්න තොගයක් ශ්‍රී ලංකා ධීවරයින් 300 දෙනෙකු සඳහා ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බවට වාර්තා පළ වී ඇති බව ඔහු පවසයි.

රජය ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග තමිල්නාඩු ධීවරයින් දැඩි පීඩාවට පත්වන බව සිය නිවේදනයෙන්  ඉන්දීය පී එම් කේ පක්ෂයේ කැදවුම්කරැ ආර් රාමදෝස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.