(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉඩමක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් බේරීමට මැදි වූ 78 හැවිරිදි තිදරු මවක් පිහි පහරකින් මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තලංගම-සිංහපුර පදිංචිව සිටි වලිමුනි කරුණාවතී යන අයයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුතුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳව තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.