(ඩී.කේ.රත්න)
ඇල්ල නගරය ආසන්නයේ පිහිටි කසළ අංගනය නගරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් නගරවාසී ජනතාව අද (3) උද්ඝෝෂණයක නිරත වූහ.
ඇල්ල බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයට ඉහළින් ඇල්ල කිතල්ඇල්ල මාර්ගයේ මෙම කසළ අංගනය පිහිටා ඇත.
ඇල්ල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් සියලුම නගරවල කසළ එක්රැස් කර මෙම ස්ථානයට ගෙනවිත් දැමීම නිසා නගරයේ මැස්සන් බෝවන බවද, දුගඳ හමන බවද ඔවුහු පැවසූහ.
වෙළඳ සංගමය, ඇල්ල නගරවාසී ජනතාව සහ සංචාරක පිරිසක්ද මෙම උද්ඝෝෂණයට සහභාගී වූහ.