ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අවදානමක්


(පාලිත ආරියවංශ )

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇතැම් ස්ථානවලට ගල් කඩාවැටීමේ අවදානමක් මතුව ඇතැයි පොලිසිය පවසයි.

22 සහ 24  කිලෝමීටර් කණු අතර එක් ස්ථානයක විශාල කුහරයක් සැදී අතර විශාල ගල් කිහිපයක්ද පෙරලී තිබේ . එම ස්ථානයේ තවත් විශාල ගලක් කඩාවැටීමේ අවදානමක් ද පවතී .

මේ නිසා විමසිල්ලෙන් රිය පදවන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.