(සිරංගිකා ලොකුකරවිට)
පසුගියදා ඇතිවූ දැඩි සුළඟින් හානියට පත් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පාසල් හා නිවාස නිරීක්ෂණය කිරීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අද (20) සහභාගී විය.
එහිදී සුළඟින් හානියට පත් වූ ගණේගොඩ මහා විද්‍යාලය නිරීක්ෂණය කළ ආණ්ඩුකාරතුමා එහි වහලය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
සුළඟින් දැඩි හානියට පත් වූ ඇල්පිටිය ප්‍රදේශයේ ගොවිපලක් නිරීක්ෂණය කිරීමට ද හානි වූ නිවාස කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද ආණ්ඩුකාරවරයා සහභාගී විය. සිදුවී ඇති හානි සඳහා පළාත් සභා මට්ටමින් ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය.
මේ අවස්ථාව සදහා ඇල්පිටිය ප්‍රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනකු සහ දකුණු පළාත් සභාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.