ඇල්පිටියේ හානි වූ නිවාස අලුත්වැඩියාවට රුපියල් 10,000 ක මූලික අත්තිකාරමක්


ජී ඩබ්ලිව් ක් ප්‍රේමතිලක ද සිල්වා

ඇල්පිටිය කැටපල ප්‍රදේශයට අද (17) උදෑසන හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අර්ධ හානි වූ නිවාස තිස් පහකට එක් නිවසකට අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් දහ දාහක මූලික අත්තිවාරමක් වහා ම ගෙවීමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසූයේ හානියට පත් ප්‍රදේශයේ අද (17) සිදු කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර දී ය. හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි තක්සේරු කිරීමේ කටයුතු කාර්මික නිලධාරීන් ලවා මේ වන විට ආරම්භ කර ඇති බව ද එම හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලැබුණු පසු වන්දි ගෙවීමට වහාම කටයුතු කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසී ය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන් දුක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගි වූහ