(ඩි.ජී.සුගතපාල)
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට සභිකයින් තෝරාපත් කර ගැනීම සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවීමක් සිදු නොකර බවත් 2018 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා අනුව මැතිවරණය පවත්වන බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය.
ඒ මහතා පැවසුවේ බොහෝවිට ලබන මස මුල් දෙසතිය ඇතුළත මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන බවය.
පසුගිය වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් දේශපාලන පක්ෂ 5කින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණ.
එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය,පොදුජන පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙනු ලැබූ අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පක්ෂය විසින් නම් කරන ලද නියෝජිතයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් තේරිම් භාර නිලධාරියා වෙත බාර දීම නිසා ඉදිරිපත් වූ විරෝධතාවයක් සළකා බැලීමෙන් පසුව එම නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලදි.
පසුව එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් තම නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසත් එතෙක් මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
පෙත්සම සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව අසා අවසන් වනතුරු ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් 2018 ජනවාරි 30 වැනි දින නිකුත් කළේය.
ඒ අනුව 2018 පෙබරවාරි 10 වැනිදින පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වින.
මේ අතර පසුගිය අගෝස්තු 30 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමට නියෝග කර ඇත.