(නිමල කොඩිතුවක්කු)
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙසට අධිකරණය නියෝගයක් ලබා දී තිබියදී මැතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ලංකාදීපයට (01) පැවැසීය.
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය ඔක්තොම්බර් මස මුල් සතිය තුළ පැවැත්වීමට හැකියාව ඇති බවට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප‍්‍රකාශ කර තිබියදීත් මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය ලැජ්ජා සහගත බවත් ඔහු කියා සිටියේය.
මැතිවරණ කල් දමමින් ප‍්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පිළිකුලින් යුතුව හෙළා දකින බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවැසීය.