(ක ග කරුණාරත්න)
ඇලහැර බකමුණ නගරයේ සමෘදි බැංකුවක් ඉදිකිරීම් සඳහා රජයෙන් ලබාදී ඇති ඉඩම වෙනුවට වෙනත් ඉඩමක් ලබා නොදෙන ලෙස ඉල්ලමින් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 14කට අයත් 1500 කට අධික පිරිසක් අද උදේ බකමූණ නගරයේදී උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂණකරුවන් දඹුල්ල බකමූණ මාර්ගයට පැමිණ පාර අවහිර කරමින් විරෝධතාවේ නිරතවීම නිසා එහි රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.