ඇමෙරිකා එක්සත් ජනපදයේ හත්වැනි නාවික බලඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC 19) සෙනසුරාදා (26) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
2011 වර්ෂයේ ඔක්තෝබර් වලින් පසු මෙරටට පැමිණෙන පළමු එක්සත් ජනපද නෞකාව මෙයවන බව කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර දී දෙරටේ බලධාරීන් අතර පැවති සහයෝගිතා සාකච්ඡා වලදී හුවමාරු කරන ලද අදහස් අනුව, ඉන්දියානු සාගර කලාපයේ සාගර ආරක්ෂක සහයෝගීතා ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම, මුහුදු කොල්කෑම් පාලනය, මානුෂීය ආධාර වැඩසටහන් සදහා සහය දීම සහ කලාපයේ අත්‍යවශ්‍ය නැව් මාර්ග තුල සංචලනයේ නිදහස් බව සහ ආරක්ෂක බව තහවුරු කිරීමට මෙම නෞකාව පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා පැවසීය.