(ඩී.ජී.සුගතපාල)
ගාල්ල චීන කොරටුව මැද පාරේ පිහිටුවන ලද දකුණු පළාත් තක්සේරු කාර්යාලය මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30) සවස විවෘත කිරීමට සැළසුම්කර තිබුණත් එයට පෙර තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ එය විවෘතකර ඒ පිළිබඳව මැතිවරණ පැමිණිලි මෙහෙයුම් මධ්‍යස්ථානයටද පැමිණිලි කිරීම නිසා උත්සවයට පැමිණි පිරිස දැඩි අපහසුතාවයකට පත්වූහ.
එම ස්ථානයේ ජනාධිපතිවරයාගේ , මංගල සමරවිර ,වජිර අබේවර්ධන , ගයන්ත කරුණාතිලක සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහ මේ සඳහා අනුග්‍රහය දක්වන ලද මුහුදු බඩ දුම්රිය මර්ග සමිතියේ සභාපති ගුණපාල විතාරණ මහතාගේද ඡායාරූප සහිත බැනරයක් එල්ලා තිබුණි.
එසේ බැනරයක් එල්ලීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පවසා ගාල්ල පොලිසියේ මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට තක්සේරු නිලධාරින් පිරිසක් පැමිණිල්ලක් කළහ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයේ නිලධාරින් සමඟ පැමිණි පොලිසිය එම බැනරය ගලවාගෙන ගිය අතර එය නඩු භාණ්ඩයක් ලෙස තබා ගන්නා බව ද පැවසීය.
මේ අතර විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයට පැමිණෙන විට ප්‍රධාන තක්සේරුකරු පැමිණ එය විවෘත කර ඇති බවත් එහි එල්ලා තිබූ බැනරයද පොලිසිය විසින් ගලවාගෙන ගොස් තිබූ බවත් දැන ගැනීමෙන් පසු ආපසු ගියේය.