විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වෘත්තීය හැකියා සම්බන්ධයෙන් ප්‍රංශයේදී මාර්තු 22-30 පැවැත්වෙන ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවන් සිවුදෙනකු සහභාගි වීමට නියමිතය.
ඉන් තිදෙනෙක්ම වයඹ පළාත නියෝජනය කරති. වසර හතරකට වතාවක් තරගාවලිය පැවැත්වේ.
වයස අවුරුදු 18ට වැඩි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ වෘත්තීය හැකියාව මුල්කරගෙන ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලිය පැවැත්වේ.
බිංගිරිය හීනිපත්ගම ජී.ඒ.නුවන් සමීර ලී කැටයම් ඉසව්වෙන්ද, නාත්තන්ඩිය කටුනේරියේ ඩබ්ලිව්.ඒ.ගිහාන් තුෂාර ඇඳුම් මැසීමේ ඉසව්වෙන්ද, කුරුණෑගල බමුණාවල කේ.ඒ.ඉමේෂා තත්සරණී පරිගණක පෝසටර් නිර්මාණයෙන්ද තරගාවලියට ඉදිරිපත් වෙති.