ඇඳිරිය වේලාවේ රක්ෂිතයේ මැණික් ගැරූ අයෙකුට දඩ


සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

බලන්ගොඩ  රජවක රක්ෂිතයේ  පියන්ගිරිය   කොටසේ  ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ  අනවසරයෙන් පතල් කපා මැණික් ගැරූ පුද්ගලයෙකුට  රුපියල්  45000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (06) දා නියෝග කලේය.

රජවක ප්‍රදේශයේ පදිංචි  චිමින්ද පතිරන නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය.

අයුතු ලෙස රක්ෂිතයට ඇතුළු වි  පතල් කපා රක්ෂිතයට හානි සිදු  කිරීමෙි  චෝදනාවට  ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු විය. බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මොහු  අත්අඩංගුවට ගෙන නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.