(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩමාරච්චි කරණවායි ප්‍රදේශයේදී නිවසක ඇන්ටනා වයරයක් සවි කිරීමට ගිය පිය පුතු දෙපළට විදුලි සැර වැදී අද (23) උදෑසන මිය ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය කියයි.
කරණාවායි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසක පියා සහ පුතා විසින් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇන්ටනාව වෙනස් කර වයරය සවි කිරීමට යාමේදී නිවසේ ඇද තිබූ විදුලි රැහැනක පලුදු වූ ස්ථානයකින් පළමුව පුතාට විදුලිසැර වැදී ඇති අතර පසුව පියා විසින් පුතාව බේරීමට යාමේදී පියාටද විදුලි සැර වැදී පියා පුතු නිවස තුළම මිය ගොස් සිටි බවට පරික්ෂණ සිදු කළ නෙල්ලියඩි පොලීසිය පවසයි.
මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ කරණවායි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පියාවූ ජෙගනාන්දන් හා 29 හැවිරිදි පුතා වූ සංජීවන් නැමති අය වේ.