(ඩී.කේ.රත්න)
පැමිණිල්ලක් විභාග කිරීමේදී තමාට අසාධාරණයක් සිදුවීයයි පවසමින් එයට විරෝධය දැක්වීම සඳහා අද (24) ඇටම්පිටිය පොලීසියේ වහලයට නැගුණු විශ‍්‍රාමික යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටම්පිටිය පට්ටියගෙදර නෙලූව දූවිලිතැන්න ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සෙබළෙකි.
පෞද්ගලික කරුණක් හේතුවෙන් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසියේදී පැමිණිල්ල විභාගකිරීමේදී තමාට සාධාරණය ඉටුනොවුණු බව පවසමින් මෙම පුද්ගලයා පොලීසියේ වහලයට නැග විරෝධය දක්වා තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇටම්පිටිය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.