(සුමතිපාල දියගහගේ)
ආහාර පනතේ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මිහිරිපැන්න, දලවැල්ල සහ උණවටුන යන ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළඳසැල් සහ සංචාරක හෝටල් 6 ක් වටලා, ඒවායේ හිමිකරුවන්ට විරුද්ධව නඩු පැවරීමට නියමිත බව අද (23) හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම වැටලිමේදි කල් ඉකුත් වූ ආහාර වර්ග, රසකාරක, මස් සමග කෑමට සූදානම් කළ ආහාර වර්ග එකට ගබඩාකර තැබීම, පරිශ්‍රවල පියන් නොමැති කසල බඳුන් තැබීම, අපද්‍රව්‍ය නිදැල්ලේ බැහැර කිරීම සහ කසල එම ස්ථාන පිටුපස ගොඩගැසීම යන ආහාර පනතේ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙම සුපිරි වෙළදසැල් සහ සංචාරක හෝටල් හිමිකරුවන්ට එරෙහිව නඩු පවරන බව එම කාර්යාලය කියයි.
මොවුන්ට විරුද්ධව මේ මාසයේ 25 වන දින සහ මාර්තු 4 වන දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇත.