(ලලිත් නවරත්න)
දින කිහිපයක සිට පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ආරච්විකට්ටුව විජය කටුපත වැව වාන් දැමීම ආරම්භ කර ඇතැයි කටුපත ගොවි සමිතියේ සභාපති ජනක මනෝජ් මහතා ලංකාදීපයට පැවසීය.
අක්කර 935ක වපසරියකින් යුතු මෙම වැවෙන් කුඹුරු අක්කර 670ක් පෝෂණය වන බවද, ධීවරයින් 75ක පමණ පිරිසක් ධීවර කර්මාන්තයේ යෙදෙන බවද ජනක මහතා කීවේය.
කටුපොත වැව වාන්දැමීම හේතුවෙන් ප‍්‍රදේශයේ වගාබිම්, හලාවත - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග, අතුරු මාර්ග සහ නිවෙස් ගණනාවක් ජලයෙන් යටවීමේ අවදානමකට ලක්ව ඇත.