ආයුධ සමඟ පුද්ගලයකු සැකපිට


අනීෂා මානගේ
 
බෝර දොළහ පතොරම් තුවක්කුවක්, පිස්තෝලයක් හා ජීව පතොරමක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීහු පවසති. 
 
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම සෙල්ලකතරගම ප්‍රදේශයේදීය. මොහු සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. සැකකරු හා අත්අඩංගුවට ගත් ආයුධ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.