ආයතන නිලධාරියකුට පහර දී මුදල් කොල්ල කෑ 3ක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)
 
පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක නිලධාරියෙකුට පහරදී රුපියල් එක්ලක්ෂ අසුදහසක මුදලක් පැහැරගත් පුද්ගලයන් තිදෙනෙකු අද(29) අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 27,29 සහ 39 වියැති පුද්ගලයන් තිදෙනෙකි.
 
කහටගස්දිගිලිය නයාකාපුවැව ප්‍රදේශයේ පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක සේවය කරන නිලධාරියකුගේ නවාතැනට පැමිණ, ඔහුට බරපතල ලෙස පහරදුන් මෙම සැකකරුවන් තිදෙනා ඔහු සන්තකයේ තිබු රුපියල් එක්ලක්ෂ අසුදහසක මුදලක් ඊයේ(28) පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ විජේසිරි මුදියන්සේලාගේ නිශාන්ත ප්‍රියංකර විජේසිරි(33)නැමති පුද්ගලයා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
සැකකරැවන් තිදෙනා අද(29)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.