උපුල් හේරත්
රණවිරුවන් සිර ගෙදරට රැගෙන යාම වළක්වන්නැයි ඉල්ලමින් විශ්‍රාමික නාවික හමුදා ආබාධිත රණවරුවකු අද (26) පෙරවරුවේ අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව අභියස දී උපවාසයක ආරම්භ කළේය.
නාච්චාදූව පාර, ඥානික්කුලම, අනුරාධපුර පදිංචි දෙදරු පියෙකු වන එම්.බී.ඩබ්ලිව්. කුමාර (37) මහතා මෙම උපවාය ආරම්භ කළේය. ඔහු නාවික හමුදාවේ විශේෂ යාත‍්‍රා බල ගණයේ ප‍්‍රධාන සුළු නිළධාරීයාය.
ඉකුත් 23 වන දින අනුරාධපුර රුවන් වැලි මහා සෑය අභියසින් ආරම්භ කළ ත‍්‍රීවිල් රථ වල නැගී කොළඹ බලා ධාවනය වූ එම රථ පෙළපාලියේ ද ගමන් ගත් අයෙකු බව කියයි.
මෙම රණවිරුවා ශ‍්‍රී මහා බෝ සමිඳුන් හා රුවැන්වැලි මහා සෑ රජුන් වැද පුදා ගෙන සමාධි පිළිමය අසලට පැමිණි ඔහු සමාධි පිළිමය ද වැද පුදා ගැනීමෙන් අනතුරුව වීරෝධාර රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ලියන ලද පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කරමින් උපවාසෙහි නිරත විය.